Friday, July 27, 2012

සෑබෑ ආදරයට බාහිර ආකර්ශණයට වඩා ගැඹුරින් යමක් පේනවා


ඉතාම ආදරයෙන් හිටපු තරුණ ජෝඩුවක් විවහා වෙන්න තීරණය කළා. මේ විවාහයට මාස කිහිපයක් තිබෙද්දී හදිස්සියේ වුනු අනතුරකින් ගැණු ළමයගේ මුහුණට ගොඩාක් හානි වුනා. ඇය අවලස්සන වුනා. ඇය ගොඩාක් දුක් වුනා. ඇය කිසිවක් නොසිතාම ඔහු වෙනුවෙන් ලිපියක් ලිව්වා.


''
අනේ... දැන් ඔයාට මාව වටින්නේ නෑ. මට ඔයා එක්ක විවාහ වෙන්නත් බෑ. මම ගොඩාක් අවලස්සන වෙලා. ඔයා ඔයාට ගැලපෙන ලස්සන ගැහැණු ළමයෙක් හොයාගන්න. එයාව විවාහ කරගන්න. සතුටින් ඉන්න'' ඇය අවංකවම එහි ලිවුවා...


දින කිහිපයක් ගත වෙද්දීම පිරිමි ළමයගෙන් ඇයට පිළිතුරක් ලැබුනා.


''
ඔයා ඔහොම කිව්වට මම තමා දුක්වෙන්න ඕන කෙනා. දන්නවද? මගේ ඇස් වල හැදිලා තියෙන ලෙඩක් හින්දා මාව ළඟදීම අන්ධ වේවිලු. මොනවා කරන්නද? මම තවමත් කැමතියි ඔයාව විවාහ කරගන්න. ඔයා කැමතිද අන්ධ වෙන මාව විවාහ කරගන්න? ඔහු එහි ලියා තිබුනා...


දින කිහිපයකින් මේ ගැහැණු ළමයා අන්ධ වුන එයාගේ පිරිමි ළමයාව විවාහ කරගත්තා. ඇය අවංක වුනා. කොහොම වුනත් මේ ''ආදරය'' ඔවුන්ව අඳුරට ඇද දැම්මාද?


නෑ... කාලය සතුටින් ගෙවිලා ගියා. මේ දෙපළම ඉතාම සතුටන් එකිනෙකා තේරුම් ගෙන ජිවත් වුනා. අන්ධ පිරිමි ළමයට සම්පුර්ණ ඇස් දෙක, ඔහුගේ ආලෝකය වුනේ මේ ගැණු ළමයා. ආදරයට අවුරුදු 20ක් ගත වේගෙන යද්දී හදිස්සියේම ඇය ලෙඩ වුනා. ඇය ගොඩාක් දුක් වුනා අන්ධ ඔහු තනිවීම ගැන. අවසානයේ ඇය මියගියා. එදා හරි පුදුම වැඩක් වුනා. අන්ධයෙක් වගේ හිටිය මේ පිරිමි ළමයා ඇස් ඇරියා. හැමෝටම මේක හරි ප්‍රශ්ණයක් වුනා. ඔහු අවුරුදු 20ක්ම අන්ධයෙක් වගේ මේ අවලස්සන ගැණු ළමයත් එක්ක හිටිය එක ගැන.


''
මම අන්ධ නෑ. මම බොරු කිව්වා, ඒක වැරදි ඇති. ඒත් ඇයට ඇයගේ මුහුණ අවලස්සන වුනත් මම වගේ අන්ධයෙක් නැතුව මට වඩා හොඳ කෙනෙක්ව කසාද බඳින්න තිබුණා. ඇගේ හදවත ලස්සනයි. ඇය මගේ බාහිරය ස්වරූපයට වඩා ආදරය කලේ හදවතටයි. මමත් එහෙමයි. ඒ නිසයි ඇයගේ අවලස්සන ප්‍රශ්නයක් නොවෙන අන්ධයෙක් වෙලා මේ අවුරුදු 20ම ගත කරේ. ඇය ජිවත් වන තුරු ඇය හා එලෙසම සිටියා.''


අවංක ආදරය එයයි. හැමෝම පුදුම වුනා. හැමෝම කතා වුනා. එය හැමෝටම ආදර්ශයක් වුනා.


''
යාලුවනේ... සෑබෑ ආදරයට බාහිර ආකර්ශණයට වඩා ගැඹුරින් යමක් පේනවා. මොකද සෑබෑම ආදරය එන්නේ හදවත ගැඹුරින්ම නිසා.

Wednesday, July 4, 2012

සැබෑම ආදර කතාවක්‌ ....


පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

මෙහිදී...

පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
පෙම්වතිය: ඔව්. මං ඔයාට ආදරෙයි ..
පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌ 

♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥