Monday, June 18, 2012

ආදරය යනු


ආදරය යනු


ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයක

  • ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයිපරිත්‍යාග කරන්න ඕනේ දෙයක්
  • තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ
  • ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි
  • ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්
  • හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය
  • ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.
  • ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය
  • හදවතේ තියෙන උතුරන ආදරයෙන්ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම
  • නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න
  • ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්විශ්වාසය නැති තැන ආදරයකුත් නෑදෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.
  • ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි
  • ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි ආදරේ කවදාහරි තමුන්ව හොයාගෙන එනවාමයි
  • ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . . ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ
  • ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි
  • ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයිඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි
  • ආදරයත් හරියට කැස්සක් වගේහංගන්න බෑකොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා
  • බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපාඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්
  • ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවිඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි
  • ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි
  • ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතටජීවිතයටආත්මයටම ආදරය කරන්නඒ ආදරය සදාකාලිකයි
  • කියාගන්න බැරිතේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි
  • අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයිතමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයිඅවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්
  • ජීවිතය ආදරයේ කොටසක් වුණාටආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.
  • හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්
  • තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා
  • ආදරය තියෙන තැන දුක වැඩියිදුක වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවෙන ආදරෙත් වැඩියි
  • ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවාඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න
  • මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයිඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න
  • මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්
  • ආදරය සුන්දරයිතමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑඒක ස්ථිරයිසදහටම එහෙමයි
  • ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවාඒ නිසා ආදරේ කියන්නේ දුකක්වේදනාවක්

  • ආදරේ කියන්නේ හිතට දැනෙනහරිම සංවේදීලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගාගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා
  • ආදරේ කවදාවත් මැරෙන්නේ නෑහැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා
  • අපි ආදරය කරන්න ඕනඅපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා
  • හෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනවහෑම සත්යක්ම අහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම හෑම ආදරයක්ම ලබන්නඋරුම කියන්න කොහෙ හරි හදවතකුත් තියනව
  • ආදරයක් ලබන්න පිං කරන්න ඕනේලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ
  • ආදරයට ආදරේ කරන්නකවදාවත් ආදරේට ආශා කරන්න එපා
  • ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ
  • ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකිතවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.
  • හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරය කරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා
  • මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි
  • තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාමපාළුව මැකෙනවා නම් එයා ළග ඉන්න කොටමග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්
  • ජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි
  • ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි
  • සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයිඒ තමුන් ආදරය කරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.
  • ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.
  • ආදරය යනු භූමිකම්පාවක් වැනියමුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ
  • සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි                 

No comments:

Post a Comment